i love u this much

Friday, January 7, 2011

මීයා...


මේදේ උනෙට අපේ AL පන්ති වලදී...
ඒකාලේ හැම විෂයකටම පීරියඩ් 2ක ගනේනේ තිබුනේ,එතින් අගහරුවදට හැමදාම ඉන්ටවල් 1කට කලින් පීරියඩ් 2ක(3,4 පීරියඩ්)
කඩ්ඩ,කඩ්ඩ ඉගැන්නුවෙත් මැඩම් කෙනෙක් නිසා තවත් බෝරිං
අපෝ....දැන් කඩ්ඩ
අපේ උන්ගේ මුණු හතරැස් වෙලා.අපි එතින් ඕක හැමදාම කට් කරනවා..ඕක ඉතින් මැඩම් දන්නවා.
ඔන්න එතින් 1ක දවසක් අගහරුවදාවක පලවෙනි පීරියඩ් 2ක එවර වෙලා බෙල් කරද්දීම අපි සෙට් වෙලා ඉන්නේ පන්තියෙන් පනින්න,,අපි එතින් හාහා පුර කියල සර් එලියට යද්දිම දොරගවට ගියා...

කඩ්ඩ මැඩම් :- හා...අද පනිනවා බොරු.,මට ඕන වෙලා තිබ්බේ අල්ලාගන්ට
හ්ම්..අද පාඩම ඉගනගන්න යමු සෙට් 1කම ඇතුලට..
කොහේ පනින්නද..මේ ගනී දොරකඩම හිටියනේ..අපේ සුන්දර සුනාමියට ගහන ගියා...

පාඩම පටන් ගත්ත...අපේ උන බුදු මලෙන් දන ඉන්නේ...මට එහාපැත්තෙන් හිටියේ සිරිය...මු මට කියනවා,

සිරිය :- ඒ ප** හරියන්නේ නා බං..මෝඩ චුන් 1ක්වත් දාල බලමු..
මම :- මොන කරන්නද බං..
සිරිය :- අඩෝ..උබට මතකද..අපි 11දි මියෙක් මියෙක් කියල ඩේස් උඩ නැග්ගේ..ඒකවත් කරමු බං..

මුලදී මම කැමති උනේ නෑ..මොකද ඕක කරලා ඒ කාලේ අම්බානක කෑව සර්ගෙන්,,,පස්සේ කරන්නම දෙයක් නැති නිසා මම හා කියල කිඋව...

දන හරි...අපේ පොලිමටම මේ කතාව කියල සෙට් කරගත්ත..අනිත් එඋනුත් මේ වැඩේට ගානට සෙට් වෙන්න ඕනේ නැත්තන් වැඩේ දෙල් වෙනවා,,
ඔන්න ඔහේ ඕන *කක් ප්‍රීති වෙසක් කියල සිරිය කගහගෙන නැගිට්ට "මැඩම් මීයෙක් මීයෙක් කියල...
ඒ එක්කම අපිත් කෑගහන පුටු උඩට නැග්ග..
වැඩේ හිතුවට වැඩ ගොඩ...අපේ අනිත් උන් ගොන් පාට් දන්නේ නැතුව ලස්සනට කෑගහන් නැගිට්ට...

මැඩම් :- මොකද ළමයි වෙලා තියෙන්නේ..
මම :- මැඩම් මීයෙක් මැඩම්..
මැඩම් :- තමුසෙලට ලජ්ජා නැද්ද,,මෙච්චර ලොකු වෙලත් මියන්ට බය වෙන්නේ...
වලිය :- නෑ..මැඩම් මියෝ කාපුවම මිඋන හැදෙනවා කියල නිවුස් වලටත් කිඋව..

ඔය සද්දේ ඇහිලා එහා පන්තියේ උගන්නපු සර් ආව අපේ පන්තියට,,එහා පන්තියේ හිටියේ BAD(මුට බෑඩ් කියන්නේ රෙජිස්ටර් පොතේ සයින් කරන්නේ බෑඩ් කියල)
මු අපේ මාරු බයිට් 1ක...

බෑඩ් :- මොකෝ ඕයි සද්ද කරන්නේ...
මැඩම් :- නෑ බණ්ඩාර සර්..මේ මික් කියල කෑ ගහනවා..
බෑඩ් :- මීයෙක්..ම්ම්..දැන් ඔය කගේ මීයද දගලන්නේ...

වලිය :- සර්ගේ මීය..

සර්ටකට උත්තර නෑ...


ප.ලි :- කොහොම හරි කඩ්ඩ පීරියඩ් දෙකනම් කට් කල..ඒ උනාට දඩුවම විදිහට ඒ පීරියඩ් 2ක දන ගහන් ඉන්න කිඋව..ඕක ඉතින් අපිට අමුත් දෙයක් නෙවේනේ... :-)

1 comment:

  1. ඒකාලේ දනගහනවා කියන 1 ක මහා ලොකු අමාරු දෙයක් නෙවේ..තව හොද සිද්දි තියෙනවා..පස්සේ කියන්නම්

    ReplyDelete