i love u this much

Saturday, January 8, 2011

අපේ ඉලෙක්ට්‍රොනික් පන්තිය...

මේ කියන්න යන්නේ අපි 10 වසරේදී වෙච්චි සිද්දියක් ගැන...ඒකාලේ තාක්ෂණික විෂයක් කියල 1ක්
තිබුනනේ කරන්න..එතින් මම තෝරාගත්තේ ඉලෙක්ට්‍රොනික්,,මේක තොර ගත්තේ මම පුංචි කලේ ඉදලම ඔය ගැජමැටික් වැඩවලට අසයි..මේකෙත් ඒ වගේ වැඩ ඇති කියල තම අවේ..
මේ විෂය පටන්ගන්න කලින් සර් හැම පන්තියකටම ගිහින් කියල තිබුන මේ විෂය පට්ට අමාරුයි...ඒ නිසා ගණන්,විද්‍යාව,ඉංග්‍රීසි වලට ලකුණු 75න් උද තියෙන ළමයින්ට විතරක් කරන්න කියල...අපිට කොහෙද කඩ්ඩට උඩ..ඕන මල දානයක් වෙන්න කියල කරා...කඩ්ඩෙන් අවේ ඔය සර්කිට් කෑලි වල නම් ලියන්න විතරයි...

දැන් කතාව කියන්නම්කො...පලවෙනි වාරෙට අපිට තිබුබ සර්කිට් ක් හදන්න ප්‍රැක්ටිකල් වලට...එතින් එකදවසක් අපේ සර් කාරය සර්කිට් හැදුවේ නැතිඋන්ගේ නම් කියවනවා...මම හදල මුට පෙන්නලත් තියෙන නිසා මම අතල් 1කෙ හිටිය...

සර් :- සුපුන්
මම :- ඉන්නවා සර්..
සර්:- තමුන් මට ප්‍රැක්ටිකල් පෙන්නලා නැහැ
මම :- පෙන්නුවා සර්..
සර් :- පෙන්නුවානම් මෙතන ලකුණු වෙන්න ඕනිනේ..යනවා එලියට..

එලියට ගියා...මමයිතව කොල්ලෝ 2කුයි එළියේ දැන්..

සර් :-ම්ම්ම්ම්ම්...ඔයාලට මේ විෂය බරපතල වැඩි වගේ...ඔඅලට හරියන ෂෝක් විෂයක් තියෙනව හෝම් සයන්ස් කියල...
මේ ලිවුම ඒ මැඩම්ට බර දෙන්න...එතකොට ඔය 3දෙනවා එකට ඇතුලත් කර ගනී..

අපි කොච්චර කිඋවත් මු ඇහුවේ නෑ...ඕන මගුලක් වෙන්න කියල අපි ගිය හෝම් සයන්ස් මැදම ගවට්...මත එක්ක හිටපු එක්ව කොල්ලෙක් මැඩම් එක්ක පට්ට වලි
මම ලිවුම අරන් උට දුන්න...අපි දන උවත් ඉස්සර කරන ගියා මැදම ගාවට

මැඩම් :- තමුසේ මොකද මෙහෙ කරන්නේ
කොල්ල :- මේක මැඩම්ට දෙන්න කියල රණවීර සර් කිඋව..

මැඩම් ලිවුම කියවල කියනවා...

මැඩම් :- රණවීට සර්ට කියනවා මම ඒ ගොනා වික්ක කියල..තමුසෙලව මේකට එවල තියෙන්නනේ එකේ තියාගන්න බැරුවද
කොහෙද...මම දන්නවනේ තමුසෙගෙ හැටි,
වහාම යනවා තමුන්ලගේ හරි පන්තියට...

අපි බොහොම සතුටින් සර් ගාවට ඇවිත් සිද්දිය පැහැදිලි කරලා පන්තියේ වාඩි උනා,,,

No comments:

Post a Comment