i love u this much

Monday, January 10, 2011

29 වෙනි ප්‍රමේය


මේ සිද්දිය උනේ 11 වසරේදී..අපේ පන්තිබාර මුද්ද සර් හැම සදුදම අපෙන් ප්‍රමෙයන් කට පාදමින් ගන්නවා...ඒ කලේ ප්‍රමෙයන් 62ද කොහෙද තිබුන...
කොහොම හරි මටනම් සෑහෙනදුරට ඕව ටික පාඩම් තිබුන,,,මම මිඉටරේ කියනවා නෙවේ,,ගුටිකන්න තියෙන බයටම ඕව මම පාඩම කරා...මොකද මුද්දගෙන් ගුටි කනවා කියන්න ඉතින් ආයේ ඕනේ නෑ...කොස්සේ මිට කඩලා ගහන්නේ...

ඔන්න ඉතින් සදුදා වෙනද වගේම අදත් පළවෙනිම පීරියඩ් 2ක මුද්දගේ...(මෙතන ඉදන් මම සර් කියන්නම්)

සර් :- අඩා ඔටුව කියාපිය බද්ද පාද ප්‍රමේය..(ඔටුවා තම පේලියේ මුල්ම ඉන්න එකා,,ඔකගෙන් පටන් ගත්තොත් දිගටම ගුටි)
ඔටුවා :- මේ...මේ..ත්‍රි..ත්‍රිකෝණ..
සර් :- අද තටමන්නේ මොකද යකෝ..නැගිටලා හිටපිය..

ඔහොම ඔහොම අහනව,,දන්නා උන කියල ඉඩගන්නවා..අනිත් උන් හිටගෙන...

ඔන්න දැන් මගේ වරේ..

සර් :- කියපිය බලන්න පය්තගරස් ප්‍රමේය..
(දැන්නම් සිරාවටම මතක නෑ,,හැබැයි ඒ වෙලාවේ මම හරියට කිවුව)
සර් :- ම්ම්ම්...හොදා.. එහෙමන් කියපිය 29 වෙනි ප්‍රමේය..
මම :- සර් මේ,,29කිඋවූ..එකේ නම මොකක්ද...?
සර් :- අඩා...ප්‍රමෙයේ මව විතරක් නෙවේ,,අංකෙත් මතක තියාගෙන හිටු නරිය,,නැගිටලා හිටු..

කොහොම හරි පන්තියෙන් බාගයක්ම 2ක ගානේ ගුටි කෑවා..මටනම් ගැහුවේ 1යි..මොකද මම කලින් හරියට එකක් කිවූව නිසා ,,

No comments:

Post a Comment