i love u this much

Wednesday, December 29, 2010

අපේ පන්තිය...

මේ කියන්න යන්නේ මගේ A/L's පන්තියේදී සෙට් උන අපේ සෙට් ක ගැන....අපේ පන්තිය 12 සෙක්ෂන් කට ඇවිත් මස 2-3ක් යද්දීම සෙක්ෂන් එක එපාම කරපු පන්තිය උන....සර්ල එන්නේ නැතිව ගිය...කොටින්ම කියනවනම් අපේ පන්තිබාර සර්පවා අපේ පන්තිය දාල ගිය...
එතින් හිතන්නකෝ අපි ගැන...පිස්සු කෙලිනවා කියන්නේ එකේ උපරිමේටම යනවා....
සෙක්ෂන් 1කේ හැම වරද්දක්ම කරන්නේ අපේ පන්තිය කියන තැනටම පත්වුණා....එකෙනුත් සෙට් එකක් හිටිය....මම,වලිය,යාපා,සුදේශ්,පාල...අපේ සෙට් ක උනේ මුන්ටික තම....
මුන් එක්ක හිටපුකලේ තම මගේ ජිවිතේ ලස්සනම කලේ....අපි කරපු කියපුව කිසිමදාක අමතක කරන්න බැරි වේවි...
මොන පිස්සුව කෙලියත් අපේ පන්තිය තම වැඩිම රිසල්ට් ගත්තේ සෙක්ෂන් 1කෙන්ම....

COLLEGE LIFE starts with a fear of strangers and seniors..
Den making new frnds whom we select 2 be part of our lyf forever
Comments on teachers..
Small small fights..
Laughing together on silly jokes in a serious class..
Getting impositions & never completing it..
Running around on d last day to submit assignments..
Not knowing even d time table of d exams..
Luking around 2 count d number of failures during paper distribution 4 d satisfation dat u r not bad..
Sitting in canteen & luking 4 some other department students..

All d butiful crushes & incomplete luv stories..
Luking at group photos funny pose & smiling..
Carrying out all dese in ur heart..
Inside college gate we play with life..
N Outside college gate d life plays with us..
Live college life.

ගැහැණිය සහ ආදරෙය....

ඔබ,,
ගණිකවකට වුවද මුළු හදවතින් ආදරය කරයිද...
ඇය ඔ‍බට
කිසිම පිරිමියකු අතින්වත් නොඇල්ලු ගැහැනියක සේ
ඔ‍බට අවංකව ආදරය කරනු ඇත.....

නමුත් ඔබ,,,
කිසිම පිරිමියකු අතින්වත් අල්ල නැති කාන්තාවකට වුවද
මුලු හදවතින්  ආදරේ නොකරයි නම්...

ඇය යම දිනක ගණිකාවකගේ තත්වයට පත්වනු ඇත......

Tuesday, December 28, 2010

අද මගේ මෙතරම් දවසක්(මස 3ක් විතර)හිතේ තිබුන ලොකු බලාපොරොත්තුවක් ඉස්ට උන....එක හිතට ලොකු බරක් වෙලා තිබුනේ මෙතරම් දවසක්....
මේක මගේ දැන් යාළුවෙලා ඉන්න ගෑණුළමයා ගැන..අපි මේ එෆෙයා ක පටන් අරන් දැන් අවූරුද්දකට වැඩි....එතින් අපි මේක ගැන දෙපැත්තේම ගෙවල්වලට කිවුව....මම එයාගේ අම්ම,තාත්ත එහෙමම්ට් හම්බවෙලා මේක ගැන කතාකලා...මුලදිනම් එයාගේ තාත්ත කේස් 1ක දැම්ම..මොකද මම පිටරටක වැඩකරන කෙනෙක් නිසා...ඒ උනත් මම වැඩිකාලයක් මෙරටේ ඉන්නේ නැ...ලංකාවට එනවා කියල මගේ ගෑණුළමයා තාත්තට කියල තියෙනවා....කොහොම හරි එයාලගේ පැත්ත ශේප් කරගත්ත....
මම අමාරුම දේ කියල හිතුවේ එයාගේ අම්ම,තාත්ත කැමතිකරවගන්න එක කියල....ඒ උනාට උනේ එකේ අනිත් පැත්ත....අපේ ගෙවල්වලට ක්වංඅ අම්මල නැට්ට පාගාගෙන....අම්මල කියනවා මම රට ජොබක් කරන නිසා එයාල මට කමතිඋන කියල....මම ෆුල් ට්‍රය් කලා...(මේ ඔක්කොම උනේ මම නිවාඩුවට ලංකාවේ ඉන්න මස ක ඇතුලේ)
අන්තිමට මම මෙහෙ අවේ පුදුම ප්‍රශ්ණ ගොඩක් හිතේ තියාගෙන...
මම එයාලගේ ගෙදරට මේදේවල් කිවුවෙ නෑ...මම බැලුවේ මේක ශේප් කරලම එයාලට කියන්න....
ඒඋනාට දවසක් එයාලගේ අම්ම මට කතා කල
       
        "හෙලෝ!!!,,,,පුතා..අපි කවදාවත් ඔඅලගේ අම්මල එක්ක කතාකරල නැනේ...
          අම්මල දැම්මම කතාකරන්නේ නැතිවේවි,,
          ගනුලමයාගේ පැත්තෙන් අපි කතාකරන්න ඕනිනේ...ඒනිසා මම හෙට අම්මට කථාකරන්නම්...
          අපි ඉතින් අදුනගන්නත්ඕනිනේ" කිවුව....

මට හික් කියවුන....දන දිපියකෝ උත්තර මේවට...
            
           "හා...ඇන්ටි..මම අම්මට කියල තියන්නම්කො"

එහෙම කියල මම ගෙදරට කතාකරල කතාව කියල පුළුවන් තරම් ශේප් එකේ කතාකරන්න කියල දහ අතේ වදාල ෆෝන්1ක තිබ්බ....

ඊලග දවසේවැඩට ගියාටමම හිතියේ කොත්තු තැටිය උඩ...දවල මැසේජ්කක් අවා..
          ammata upset wage,,,oalage amma etharam kamaththen newelu kathakale....
          amma qwa me eff.1ka wadidura yanna kalin nawaththanna kiyala,,,mata ede
          kawadakawath karanna baha...
          hawasata call karanna...bs tc,,
 මට තරු පන්න....ඕෆ් උනගමන්මගත්ත කෝල් 1කක්....මෙය අඩනවා...
මම පුළුවන් තරම් කියල කියල මෙයාව ශේප් කළා....අම්මවත් ශේප් කරන්න කියල එයට කිඋව...

ඊටපස්සේ මම අපේ ගෙදරට කතා කරලා හොදට දෙහි කපුවා....මේක කවදාකවත් නතරකරන්නේ නෑ...කරන්න කියන්නත් එපා කිඋව...(අම්ම අඩුම තරමින් කෙල්ලව ෆොටෝ1කකින්වත් දැකල තිබුනේ නෑ... )
කොහොම හරි තත්වේ බරපතල වේගෙන එනවා...මම මේක නවත්තන්නේ නෑ කියපු එකට අම්මට මල....
මම කෝල් එක කට් කළා....

පස්සේ මම එයාගේ ෆොටෝ වගයක් අම්මට මේල් කළා....

ගෑනුළමයාගේ අම්මට මම කෝල් කරලා කිවුව

     " ඇන්ටි,,,මට ටිකක් කල් දෙන්න....අම්මලාගේ කැමැත්ත නැතිව මම මේදේ කරන්නේ නෑ"
   
    "මං හිතන්නේ නෑ පුතා....මේ වෙන දේවලින් මගේ කෙල්ලයි විදවන්නේ....එයා කවදාවත් 
      වෙන කෙනෙකුට කැමති වෙන්නේ නැතිබව මම දන්නවා... එයට දුකක් දෙන්න එපා"

මම වැදලා වැදලා එහෙ ශේප් කරා....

දවස ගෙවෙනවා...ප්‍රශ්නෙට විසදුම තියෙන්නේ අපේ අම්මලාගේ අතේ...අම්ම දන්නවා මගේ තීරණ මම වෙනස් කරන්නේ න කියල....

ගෙදරට මම කතාකරනවා...එහෙං මට කතාකරනවා...මම වෙනසක් පෙන්නුවේ න,,,මේ ප්‍රශ්නේ ගැන මම වචනයක් කතාකලේ නෑ...

එක දවසක් අම්මල එයාලගේ ගෙදර හොයන ගිහිල්ල....අම්මල හිතපු නැති විදිහට ඒ අය අම්මලට සුහද විදිහට කතාබහ කරලා...මම කියපු විස්තර හැමදේම ඇත්ත බව අම්මට තේරිලා....(මේවා දැනගත්තේ ඊයේ)

ඊයේ අම්මගේ උපන්දිනේ....මම වැඩට යන්න කලින් කතාකරල සුබ පැතුවා....
මගේන් වෙනද වගේ විස්තර ඇහුව...මම ඉතින් වෙනද දෙන උත්තර ටිකම දුන්න....

       " කියන්න විශේෂ දේවල් මොකුත්ම නැද්ද" ....අම්ම ඇහුව
       මම නෑ කිවුව

      " ගෑනුළමයට කතාකරද."...??
      
     " හැම දාම කතාකරන්නේ නෑ,,,,ඒඋනාට ස්කෛපෙන් හැමදාම හම්බ වෙනවා....
       මේ දවස්ටිකේ එයාල   කතරගම ගිහින් එනිසා මීට‍ වෙන්න බැරිඋනා"

     "  මම දන්නවා පුතා ඒ ළමයට හුගක් කැමති බව...ඒ ළමයත් එහෙමමලු....
        එයාල අපි හිතුවට වැඩ හොදයි...
        එයට කියන්නකෝ ඩිග්රි 1කේ වැඩටික හොදින් කරන්න කියල.....
        ඔයාලට හොදනම් අපි ඒවා නතර කරලා ඔයාලගේ හිත කඩන්න ඕනි නැනේ " කියල අම්ම කිව්වූ

තව ටික වෙලාවක් විස්තර කතාකරල මම කෝල් එක තියල වැඩට ගිය....හවස එයාට මේ විස්තරේ කියපුවම ඒ සතුට වාවගන්න බැරුව එයාට ඇඩුන....

ඔන්න ඔය විදිහට මගේ හිතේ තිබුන ඒ ප්‍රශ්නේ විසදුනා...දැන් හිතට පුදුම සතුටක් දැනෙනවා....


ජිවිතේ හැම ප්‍රස්නයක්ම මෙහෙම විසදෙන්නේ නැතිබව දන්නවා......ඒ උනත් අවංක ආදරයක් තියෙනවනම් ඒ හැම ප්‍රශ්නේයකම විසදගන්න අපි දෙන්නට පුළුවන් වේවි......

Sunday, December 26, 2010

රස්සාව.....

අද උදේ නැගිටිනකොට 4යි....එලාම් එක වදිනකොට යක අවේස වෙලා නැගිටින්නේ....මොන මගුලකට පිටරටකට ඇවිත් අනුන්ට කබුරනවද කියල හිතෙනවා....
මම පිට රට කොම්පැනියක මිකැනිකල් ඉංජිනේරුවෙක්....කෙටියෙන් කියනවනම් මික්කෙක්....පැය 8යි වැඩ කිවුවට අද ගෙදර එනකොට රැ 8යි....
මොන කරන්නද රස්සාවනේ.....එව්ලවකට මෙහෙම දුක විදිනකොට හිතෙනවා මොන මගුලකට ඉගෙන ගත්තද කියල....ලංකාවේ 3වීල්
එකක් දිඋවනම් මිඉට සැපයි....
මන වැඩ කරන තැන ලංකාවේ උන් 10ක් 12ක් වැඩ කරනවා....මුන් වැඩ කරන විදිහට අපේ උන්
ලංකාවේ වැඩ කරානම් ලංකාව අද 3වෙනි පන්තියේ රටක නෙවේ කියන එකනම් පැහැදිලි........

දැන් ඉතින් නගිටපන්කෝ හෙටත් උදේ 4ට.....

Saturday, December 25, 2010

නත්තල

අද දෙසැම්බර් 25...ඒ කියන්නේ නත්තල් දවසනේ....මම නත්තල සමරන කෙනෙක් නොඋනත් මම ඉන්න රටේ ඔක්කොම වගේ නත්තල සමරනවා....
මට මෙහෙ ඉන්නේ ඔක්කොම කතෝලික යාලුවෝ....එතින් මම උන්ටිකටයි මේ ලෝකේ නත්තල සමරන,,අනික් ඔක්කෝටමයි සුබ පතනවා....
           ......සාමය සතුට පිරි සුබ නත්තලක් වේවා.....
මෙරටේ විදිහට නම්,,BUNO NATHALE....
හමුවීම.....
ලොව තුළ
බොහෝ මිනිසුන් වාසය කරති..
මෙරට තුලද මිනිසුන් වාසය කරති..
ඒ මිනිසුන් අතරින්
ඔබට-මට
හමුවී අත්ත්තේ එත සුළු පිරිසකි..
හමු වූ සියල්ලන් ඔබ හා
කතා කර නැත
සිනහ වීද නැත
එම නිසා
ඔබ-මා
හා
කතා කළ
සිනහ වූ අය
හමු වුයේ අහම්බෙන් නොවේ...
ඒඅතුරින්
ඔබට මත්
මට ඔබත්
මේතරමින් සමීප වුයේ
ඇයි......????

අප අතර පෙර සසර තුළ බැදී
කුමන හෝ සබැදියාවක් තිබුණු නිසාවෙන්මය
එම නිසා
එම සබදියාවට යහපත් අරුතක් නිතැතින්ම එක්කරන්න......
                                                                              

ප.ලි-ඔබ හා මෙතෙක් කලක කතාකළ-කතා නොකළ,,,,සිනහ වුනු-සිනහ නොවුණු අය ගැනද මදක් සිතන්න
         ඔබට මා මෙතරම් සමීප වුයේ ඔඋන් අතරින් ඔබ නොදකින ලද විශේෂත්වයක් මා තුළ තිබු නිසාවෙනි

Friday, December 24, 2010

නිමක් නැති අවසානය

ම්ම්ම්ම්ම්ම්ම්......
ලියන්න අවට මම මේකට හුගක් අලුත්....මේකේ තිබුන මගේ ලෝකය(රංගගේ) බ්ලොග් ක කියවනකොට මටත් හිතුන නිකන් ඉන්න එකේ බ්ලොග් ලියන්න ඕන කියල.....
නිකන් ඉන්නව කවට මම පිට රටක job 1ක් කරන කොල්ලෙක්....වැඩට ගිහින් ඇවිත් මේ අන්තර්ජන්ජලේ සැරිසරනවා ඇරෙන්න මට කරන්න මහලොකු වැඩකට තියෙන්න මගේ ළමය එක්ක skypeන් සෙට්වෙලා චැට් කරන එක තම..

හා හා පුර කියල බ්ලොග් කක් ලියන්නම්කො....
මේක මගේ පළවෙනිම ලව් ක...ලව් කියල ක්වත මවක 50%ක් විතරඉ සාර්ථක උනේ...ඒ කියන්න මම විතරි ලව් කරලා තියෙන්නේ...
එතකොට මම වසරෙ...කොටකලිසන් ගහන කලේ මොන ලව්ද....ඒ උනාට ඒ කෙල්ලව දැක්ක ද ඒදන් මට මොකක්දෝ උන...
මේක අවුරුද කත වැඩියෙන් තිබුන...
මෙහෙමි කතාව....මම ඉස්සර ගණන වලට පට්ට දුරුවලි...සිරාම කියනවනම් 6 වසර අන්තිම වරේ වෙනකොට මට ගණන වලට ලකුණු 23 තිබ්බේ...
පස්සේ අපේ අම්ම මව දැම්ම ගණන පන්තියකට.....පන්ති ගිය කියල මහා ලොකු වෙනසක් උනේ නැ....ඒ පන්තිය පට්ට බෝරිංඑක කෙල්ලෙක් නැ...අපේ වයසින් කොල්ලොම 4ය්...
අනිත් උන 5 වසරේ පොඩි සෙට් එකක්....ක්ලාස්එකේ මගේ බුදු ෆිට් එක උනේ යසිත...ඌතම එකේ අන්ද පාලය...මටත් සෙට් වෙන්නේ ඒ වගේ උන්මනේ....කොහොම හරි 7 වසරේ අගක් වෙනකල් මගේ වෙනසක් නැ කියල අම්ම මව ඒ ක්ල්ළ් ඒකෙන මාරු කරන්න හිටියේ....මටත් ඕන උනේ ගෙදර නවතින්න...

කොහොම හරි මට මතක විදිහට මේක උනේ නිවාඩු කලේ....අපිට උගන්නපු අය්ය(අය්ය කිය්වට මිනිහ බැදල ළමයි 2 කුත් හිටිය) කිවුව අද අලුතින් ළමයෙක් එනවා කියල...ඔක එතින් මහා දෙයක් නෙවේ...එමවනම් කොල්ලෙක් මිස කවදාවත් කෙල්ලෙක් එන්නේ නැති බව අපි දන්නවා...

කොහොම හරි පන්තියට අවේ කෙල්ලෙක්...සුදු ලස්සන පොඩි කෙල්ලක්....
මට එතින් ඕක ගැන එතරන් ගණක තිබ්බේ නැ...කොහොම හරි විස්තර හොයන යද්දී මෙකි ඉන්නේ අපේ ගෙවල් පාරේම ටිකක් ඉස්සරහින්...
(උන හැමදේම කියන්න ගියොත් මේ බ්ලොග් එක කුරුත් කියවන්නේ නැ...එනිසා කෙටියෙන් කියන්නම්)

කොහොම හරි 8 වසේරි අගක් වෙනකොට මගේ  හිතේ කැමැත්තක් ඇතිවෙලා තිබුන එයා ගැන...මම ඒ අතරේ ක්ලාස් එකෙත් තැනක හදන හිටිය...ඒ උනාට ගයන මට වඩා හුගක් එස්සරහින් හිටියේ...කොහොම හරි කලේ ගතවෙලා දන 10 වසරේ...පන්තියත් ටික ටික ලොකු උන..අලුතින් ලමයිනුත් අවා...
ඒ වෙනකොට මගෙඉ ගයනිගෙඉ(මගේ ට්‍රය් 1ක) යාළුකම ටිකටික වැඩි උනා...අපි පොත් මාරු කරගන්නවා..පාඩම් ගැන කතා කරනවා...ඒවා තම එට වැඩි දෙයක් නැ...කොහොම හරි පන්තියේ කොල්ලන්ගෙන් මම මීටරේ උන..කෙල්ලන්ගෙන් ගයනි මීටරේ උනා...
අය්ය අපි දෙන්න  A 2 දාවී කියල විස්වාසෙන් හිටියේ...
ඔය අතරේ හුගක් දේවල් උන....මම එයාලගේ ගෙදර පවා ගිය නෝට්ස් අරන්
O/L ලං උන දන්නෙම නැතිව...හුගක් උත්සහ කල හිතේ තියෙන දේ එයට කියන්න...ඒ උනත් මගේ නොහැකියාව නිසා එදෙ කරගන්න බැරිඋන...
අන්තිම දවසත් අවා..අපි සින්දු කියල පිස්සු කෙලල පට්ට ෆන් 1කක් ගත්තට මගේ හිත තිබුනේ වෙන තැනක...
අදනම් කොහොම හරි අහනවා කියල හිතන් තම මම හිටියේ...
ක්ලාස් ඉවර කළා...හැමෝටමා wish කරලා මම එලියට බැස්ස...පොඩි පොදයක් තිබුනට ගනන් ගත්තේ නැ...කට්ටියම ඒමේ ඇත ගිය...දැන් මාය් ගයනිය් කතා බහ නැ පාරේ දෙපැත්තෙන් යනවා...මම තෙමෙනවා,,,එකී කුඩේ යට...පුරුෂ දය්රිය අරන් ලගට ගිය...
"ගයනි...
"ඇය සුපුන්...
"ආයෙම අපි මීට් වෙන්නේ නැති වේවි...
"ම්ම්ම්
"දෙයක් කියන්න තරහ වෙන්නේ නැ නේද.....????
"ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.....
"මම ඔයාට කැමති....."මම කිඋව

"තමුසෙට පිස්සුද....තමුසේ වගේ මෝඩයෙක් එක්ක මට යාලුවෙන්න මට පිස්සු නැ...ධනුෂ්ක දැනගත්තොත් තමුසෙට ගුටි කන්න වෙන්නේ"(ධනුෂ්ක කියන්නේ එයාගේ කොල්ල)

ඇස් වලට කදුළු පිරුණේ මට දැනුනෙවත් නැතිව.....
"xam 1ක හොදට කරන්න.."
කියල මම ලග තිබුන 3weelක නැගල ගෙදර ගිය.....

මගේ ඒකපාර්ශවික අදර කතාව එතනින් ඉවරයි.....
මොනවා උනත් ඒ කෙල්ලේ නිසා මගේ ගණිතය කියන තියන විෂයට තියෙන ආසාව උනන්දුව නොහිතපු විදිහට දිඋනු උනා....
මොනවා උනත් ඒ ආදරේ 50%ක්ම සාර්ථකයිනේ......
එක තම මගේ ජිවිතේ අදරෙයක පලවෙනි අද්දැකීම.....එක අදරෙයක් නොවන වග මට තේරෙන්නේ දැන්...