i love u this much

Tuesday, December 28, 2010

අද මගේ මෙතරම් දවසක්(මස 3ක් විතර)හිතේ තිබුන ලොකු බලාපොරොත්තුවක් ඉස්ට උන....එක හිතට ලොකු බරක් වෙලා තිබුනේ මෙතරම් දවසක්....
මේක මගේ දැන් යාළුවෙලා ඉන්න ගෑණුළමයා ගැන..අපි මේ එෆෙයා ක පටන් අරන් දැන් අවූරුද්දකට වැඩි....එතින් අපි මේක ගැන දෙපැත්තේම ගෙවල්වලට කිවුව....මම එයාගේ අම්ම,තාත්ත එහෙමම්ට් හම්බවෙලා මේක ගැන කතාකලා...මුලදිනම් එයාගේ තාත්ත කේස් 1ක දැම්ම..මොකද මම පිටරටක වැඩකරන කෙනෙක් නිසා...ඒ උනත් මම වැඩිකාලයක් මෙරටේ ඉන්නේ නැ...ලංකාවට එනවා කියල මගේ ගෑණුළමයා තාත්තට කියල තියෙනවා....කොහොම හරි එයාලගේ පැත්ත ශේප් කරගත්ත....
මම අමාරුම දේ කියල හිතුවේ එයාගේ අම්ම,තාත්ත කැමතිකරවගන්න එක කියල....ඒ උනාට උනේ එකේ අනිත් පැත්ත....අපේ ගෙවල්වලට ක්වංඅ අම්මල නැට්ට පාගාගෙන....අම්මල කියනවා මම රට ජොබක් කරන නිසා එයාල මට කමතිඋන කියල....මම ෆුල් ට්‍රය් කලා...(මේ ඔක්කොම උනේ මම නිවාඩුවට ලංකාවේ ඉන්න මස ක ඇතුලේ)
අන්තිමට මම මෙහෙ අවේ පුදුම ප්‍රශ්ණ ගොඩක් හිතේ තියාගෙන...
මම එයාලගේ ගෙදරට මේදේවල් කිවුවෙ නෑ...මම බැලුවේ මේක ශේප් කරලම එයාලට කියන්න....
ඒඋනාට දවසක් එයාලගේ අම්ම මට කතා කල
       
        "හෙලෝ!!!,,,,පුතා..අපි කවදාවත් ඔඅලගේ අම්මල එක්ක කතාකරල නැනේ...
          අම්මල දැම්මම කතාකරන්නේ නැතිවේවි,,
          ගනුලමයාගේ පැත්තෙන් අපි කතාකරන්න ඕනිනේ...ඒනිසා මම හෙට අම්මට කථාකරන්නම්...
          අපි ඉතින් අදුනගන්නත්ඕනිනේ" කිවුව....

මට හික් කියවුන....දන දිපියකෝ උත්තර මේවට...
            
           "හා...ඇන්ටි..මම අම්මට කියල තියන්නම්කො"

එහෙම කියල මම ගෙදරට කතාකරල කතාව කියල පුළුවන් තරම් ශේප් එකේ කතාකරන්න කියල දහ අතේ වදාල ෆෝන්1ක තිබ්බ....

ඊලග දවසේවැඩට ගියාටමම හිතියේ කොත්තු තැටිය උඩ...දවල මැසේජ්කක් අවා..
          ammata upset wage,,,oalage amma etharam kamaththen newelu kathakale....
          amma qwa me eff.1ka wadidura yanna kalin nawaththanna kiyala,,,mata ede
          kawadakawath karanna baha...
          hawasata call karanna...bs tc,,
 මට තරු පන්න....ඕෆ් උනගමන්මගත්ත කෝල් 1කක්....මෙය අඩනවා...
මම පුළුවන් තරම් කියල කියල මෙයාව ශේප් කළා....අම්මවත් ශේප් කරන්න කියල එයට කිඋව...

ඊටපස්සේ මම අපේ ගෙදරට කතා කරලා හොදට දෙහි කපුවා....මේක කවදාකවත් නතරකරන්නේ නෑ...කරන්න කියන්නත් එපා කිඋව...(අම්ම අඩුම තරමින් කෙල්ලව ෆොටෝ1කකින්වත් දැකල තිබුනේ නෑ... )
කොහොම හරි තත්වේ බරපතල වේගෙන එනවා...මම මේක නවත්තන්නේ නෑ කියපු එකට අම්මට මල....
මම කෝල් එක කට් කළා....

පස්සේ මම එයාගේ ෆොටෝ වගයක් අම්මට මේල් කළා....

ගෑනුළමයාගේ අම්මට මම කෝල් කරලා කිවුව

     " ඇන්ටි,,,මට ටිකක් කල් දෙන්න....අම්මලාගේ කැමැත්ත නැතිව මම මේදේ කරන්නේ නෑ"
   
    "මං හිතන්නේ නෑ පුතා....මේ වෙන දේවලින් මගේ කෙල්ලයි විදවන්නේ....එයා කවදාවත් 
      වෙන කෙනෙකුට කැමති වෙන්නේ නැතිබව මම දන්නවා... එයට දුකක් දෙන්න එපා"

මම වැදලා වැදලා එහෙ ශේප් කරා....

දවස ගෙවෙනවා...ප්‍රශ්නෙට විසදුම තියෙන්නේ අපේ අම්මලාගේ අතේ...අම්ම දන්නවා මගේ තීරණ මම වෙනස් කරන්නේ න කියල....

ගෙදරට මම කතාකරනවා...එහෙං මට කතාකරනවා...මම වෙනසක් පෙන්නුවේ න,,,මේ ප්‍රශ්නේ ගැන මම වචනයක් කතාකලේ නෑ...

එක දවසක් අම්මල එයාලගේ ගෙදර හොයන ගිහිල්ල....අම්මල හිතපු නැති විදිහට ඒ අය අම්මලට සුහද විදිහට කතාබහ කරලා...මම කියපු විස්තර හැමදේම ඇත්ත බව අම්මට තේරිලා....(මේවා දැනගත්තේ ඊයේ)

ඊයේ අම්මගේ උපන්දිනේ....මම වැඩට යන්න කලින් කතාකරල සුබ පැතුවා....
මගේන් වෙනද වගේ විස්තර ඇහුව...මම ඉතින් වෙනද දෙන උත්තර ටිකම දුන්න....

       " කියන්න විශේෂ දේවල් මොකුත්ම නැද්ද" ....අම්ම ඇහුව
       මම නෑ කිවුව

      " ගෑනුළමයට කතාකරද."...??
      
     " හැම දාම කතාකරන්නේ නෑ,,,,ඒඋනාට ස්කෛපෙන් හැමදාම හම්බ වෙනවා....
       මේ දවස්ටිකේ එයාල   කතරගම ගිහින් එනිසා මීට‍ වෙන්න බැරිඋනා"

     "  මම දන්නවා පුතා ඒ ළමයට හුගක් කැමති බව...ඒ ළමයත් එහෙමමලු....
        එයාල අපි හිතුවට වැඩ හොදයි...
        එයට කියන්නකෝ ඩිග්රි 1කේ වැඩටික හොදින් කරන්න කියල.....
        ඔයාලට හොදනම් අපි ඒවා නතර කරලා ඔයාලගේ හිත කඩන්න ඕනි නැනේ " කියල අම්ම කිව්වූ

තව ටික වෙලාවක් විස්තර කතාකරල මම කෝල් එක තියල වැඩට ගිය....හවස එයාට මේ විස්තරේ කියපුවම ඒ සතුට වාවගන්න බැරුව එයාට ඇඩුන....

ඔන්න ඔය විදිහට මගේ හිතේ තිබුන ඒ ප්‍රශ්නේ විසදුනා...දැන් හිතට පුදුම සතුටක් දැනෙනවා....


ජිවිතේ හැම ප්‍රස්නයක්ම මෙහෙම විසදෙන්නේ නැතිබව දන්නවා......ඒ උනත් අවංක ආදරයක් තියෙනවනම් ඒ හැම ප්‍රශ්නේයකම විසදගන්න අපි දෙන්නට පුළුවන් වේවි......

No comments:

Post a Comment