i love u this much

Friday, January 7, 2011

සදහටම...


නුබ රහසින් පැමිණ මාගේ දිවියට
මගේ මුළු ලෝකයම ඔබේ කරගත්තේ
මෙතෙක්කල් මගේ ලොවේ රජ ලක තනිකම
නිමේෂයකින් මකාලමිනි..

නොදනිමි මන්ද
මාහට ඔබ මෙතරම් ලන්වුයේ කියා
මා ඔබහට මෙතරම් ලං වුයේ කියා

කෙසේ උවද
අප දැන්
අපේ වී හමාරය

එසේනම් තනිකම
අවසරයි නික්මයාමට මගේ දිවියෙන්
සදහටම
යලි නොයෙන ලෙසට කිසිම දිනයක

ඉඩදෙනු මැනැවි
ලියන්නට අපේ නොනිමි පෙම්කව
සදහටම...

1 comment: