i love u this much

Friday, January 7, 2011

අලුත් අවුරුද්දේ මාර පරිප්පුව

දවස් 10 කට පස්සේ බ්ලොග් අවේ...මේ දවස් ටිකේම කට කපල වැඩ...හැමදාම පැය 16ක් හොද ගණන්....ගෙදර එන්නේ ඇද බලන්,බ්ලොග් ලියනවා තිය පාන් කියාගන්න බැහැ,,,අද ටිකක් නිදහස්..නිවාඩු ගියපු උන් ඇවිත්...එ නිසා පැය 8න් අද ශේප්....

අද මාරු වැඩක උනා..ඊයේ රැ ගෙදර එනකොට 10යි..පට්ට මහන්සි..අපු ගමන්ම වොෂ් කක් දාගෙන නිදා ගත්ත..මොකද හෙට අයෙමත් උදේ 5ට යන්න ඕනි නිසා...අතල් 1කෙ නින්ද ගියා...

ක්‍රින්,,,,,,,,,,,,,,,ක්‍රින් (ෆෝන් 1ක වදිනවා.)

මොන හුයන්නක්ද  මන්ද නිදන්නවත් දෙන්නේ නෑ මුසල හැත්ත...මම හිතින් බැන බැන ෆෝන් 1කට අන්සාර් කළා

මම :- හෙලෝ
(එහා පැත්තෙන් මරිඋස් කියල කොල්ලෙක් කතා කරනවා..)
මරිඋස් :- එන්නේ නැද්ද ඔයි වැඩට...මෙහෙ ඔක්කොම මැෂින් නතර වෙලා,,,තෝ තවම නිදිද...?
කෝල් 1ක කට්උන..
(සිංහලෙන් නෙවේ කතා කලේ)

මම වෙලාව බැලුව 5.05...
අම්ම ගහයි...යකෝ එයේ ආවගමන් නිදා ගත්ත මිසක් එලාම් එක වෙනස් කරන්න බැරි වෙලා..කලින් දවසේ 6ට තිබ්බ ගමන තවම එහෙමමයි...
මොන කරන්නද දැන් අරෙහෙ වැඩ පටන්ගත්තේ නැත්තන් ලොක්ක ඇවිත් මාව කනවා...නැගිට්ට දාගත්ත ටී ෂට් 1ක්..බුරුසුවයි ටුත්පෙස් 1යිඅරන් නැග්ග වාහනේට...විනාඩි 5න් වැඩ පල ඇතුලේ...එලම සිද්දිය කියන්නේමම ඇවිත් තියෙන්නේ රැ නිදාගනිද්දි ඇදන් හිටපු නයිට් ෂොට පිටින්...
ලැජ්ජාව පැත්තකින් තියල මැෂින් ටික ඔන් කළා...කොහොම හරි 5.20 වෙනකොට වැඩ පටන් ගත්ත...

පස්සේ මම දත් මැදල මුණ එහෙම හෝදගෙන මගේ වැඩ කරන කිට්1ක ඇද ගත්තේ.....

ප.ලි :- අද උදේ සිතල -0.4 සෙල්සියස්..මේ සීතලේ මම ෂොට පිටින් අවේ කොහොමද කියල කොල්ලෝ අහනකල් මට එක කල්පනා උනේ නා..

1 comment:

  1. :) එහෙම වැඩ කරනකොට නම් එපා වෙනවා නේද? :)

    ReplyDelete